Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Monday 27 May 2013

පාස්වර්ඩ් ටයිප් නොකරම පෙන් එකෙන් පරිගණකයට ලොග් වෙන්න




පරිගණකයේ වැඩි ආරක්ෂාවට හා අපේ ෆයිල්ස් වල වැඩි ආරක්ෂාවට
අප පරිගණකයට පාස්වර්ඩ් එකක් දමා භාවිතා කරනවා. මෙවැනි
අවස්ථාවල අප භාවිතා කරන්නේපහසුවෙන් අන් අයට තේරුම් ගත
නොහැකි ආකාරයේ පාස්වර්ඩ් එකක්. නමුත් යම් හදිසි අවස්ථාවකදී
එම පාස්වර්ඩ් එක අපට ටයිප් කර ගැනීමට අපහසුයි. පරිගණකය ලොක්
කරන සෑම අවස්ථාවකම නැවතත් දිගින් දිගටම මේ ආකාරයට පාස්වර්ඩ්
ටයිප් කිරීම කරදරකාරී ක්‍රියාවක්. ඉතින් මේ අප ඉදිරිපත් කරන ක්‍රමවේදය
මගින් පාස්වර්ඩ් ටයිප් කිරීමේ කාර්‍ය ඔබේ පෙන් ඩ්‍රයිව් එකට භාරදෙන්න
පුළුවන්. ඔබ කළ යුත්තේ පාස්වර්ඩ් එක ටයිප් කරනු වෙනුවට පෙන් ඩ්‍රයිව්
එක සම්බන්ධ කිරීම පමණයි.
 
 




අප දැන් භාවිතා කිරීමට බලාපොරොත්තු වන මෘදුකාංගය පහත සබැඳියෙන් භාගත කරගන්න.



භාගත කරගෙන සාමාන්‍ය මෘදුකාංගයක් ආකරයෙන්ම පරිගණකයේ ස්ථාපනය කරගන්න. අනතුරුව USB පෙන් ඩ්‍රයිව් එකක් පරිගණකයට සම්බන්ධ කොට මෙම මෘදුකාංගය ධාවනය කරන්න. එය ධාවනය කළ විට පහත ආකාරයේ තිරයක් ලැබේවි.







එහි Setup USB Key මත ක්ලික් කරන්න.


ඔබට ඉහත පින්තූරයේ දැක්වෙන වින්ඩෝව ලැබුණු පසු එහි ටෙක්ස්ට් බොක්ස් එක මත ඔබේ පරිගණකයේ දැනට ඇති පාස්වර්ඩ් එක සටහන් කරන්න.

 
ඉන්පසු Setup USB Key බට්න් එක ක්ලික් කරන්න. ඔබ සාර්ථකව මේ කාර්‍ය අවසන් කළේ නම් පහත පණිවිඩය දිස් විය යුතුයි.






දැන් ඔබගේ පෙන් ඩ්‍රයිව් එක මෙළෙස පරිගණකය අන්ලොක් කිරීම සඳහා යතුරක් ලෙස භාවිතා කළ හැකියි.

මෙම පහසුකම ඉවත් කර ගැනීමටනම් පෙන් ඩ්‍රයිව් එක සම්බන්ධ කොට මෘදුකාංගයේ ඇති Disable Key බට්න් එක භාවිතා කරන්න.




ප්‍රශ්ණයක් තියෙනවනම් Comment ක් දාන්න.
 
 


0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin