Subcribe to our RSS feeds Join Us on Facebook Follow us on Twitter Add to Circles

Thursday, 6 June 2013

Opera Next Web Browser

අලුත් අංග රැසක් සමගින් එන Opera Next වෙබ් බ්‍රවුසරය.

Opera නාමය වෙබ් බ්‍රවුසර ලෝකයේ නිතර ඇසෙන නමක් වුවත් ඩෙස්ක්ටොප් බ්‍රවුසර් කරළියෙහි
Opera සඳහා ඇත්තේ සුළු ස්ථාණයක් පමණයි. නමුත් ජංගම දුරකථන සඳහා ඇති බ්‍රවුසර අතරින්
ඉහල තැනක රැඳී සිටින්නට Opera ට හැකියාව ලැබී තිබෙනවා.එසේ හැකියාව ඇති ඔපපෙරා
ස්අමාගම ඔවුන්ගේ හැකියාවන් තම ඩෙස්ක්ටොප් බ්‍රවුසරය වෙතද ව්‍යාප්ත නොකරන්නේ ඇයි දැයි
බොහෝ දෙනෙකුට තිබුණු ගැටළුවක්. නමුත් එයට පිළිතුරු සපයමින් ඔපෙරා සමාගම අලුත්
විශේෂාංග රැසක් සමඟින් Opera Next හඳුන්වා දෙනවා.

New Interface
 
 
මෙය Chrome Candy සහ Aurora වැනි අත්හදා බැලීම් මට්ටමේ මෘදුකාංගයක්.පහත සබැඳියෙන්
මෙමසංස්කරණය නොමිලේ බාගත කරගැනීමට පුළුවන්.

Download Opera Next
 
ඔපෙරා වෙබ් බ්‍රවුසරයේ tab switcher සහ panels bar අලුත් සංස්කරණයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ වෙනුවට Speed dial පහසුකම එකතු වී තිබෙනවා. ඔපෙරා වෙබ් බ්‍රවුසරය දියත් කළ විට මුලින්ම 
දිස්වන්නේ මෙම පිටුවයි. speed dial වලට ඉහලින් Google search බාර් එකක් පිහිටුවා තිබෙනවා.
මීට අමතරව speed dial, Stash, සහ Discover ලෙස නම් කර ඇති බට්න්ස් තුනක් එම පිටුවේම
පිහිටා තිබෙනවා. ඉහලින්ම ඇත්තේ unified URL Search bar එකයි. ඔපෙරා සමාගම බ්‍රව්ය්සරයේ
බුක්මාක් මෙනුව ඉවත් කර තිබෙනවා.


Unified Search URL Bar
 
 
ඔපෙරා වෙබ් බ්‍රවුසරයෙහි අලුත් මුහුණුවරත් සමඟින් සර්ච් බාර් එක සහ URL බාර් එක එකට
එකතු කොට තිබෙනවා. එහි යමක් ටයිප් කරන විට අපගේ බ්‍රවුසර් හිස්ට්‍රි එක සහ වෙබ් සෙවුම්
පාදකකරගනිමින් සෙවුම් යෝජනා ඉදිරිපත් වනවා. එමෙන්ම ඔබ කැමති සර්ච් එන්ජින් එකක්මගින්
සෙවුම් සිදු කරගන්නටත් මෙම බාර් එක මගින්ම හැකියාව තිබෙනවා.

Speed Dial

ස්පීඩ් ඩයල් පහසුකමත් මෙම සංස්කරණය තුළ වර්ධනය වී ඇති තවත් අංගයක්. එයටම ආවේනික
සර්ච් බාර් එකකින් දැන් මෙම පහසුකම සන්නද්ධයි. ඩ්‍රැග් සහ ඩ්‍රොප් කිරීම මගින් ස්පීඩ් ඩයල් එහා
මෙහා ගෙන යාමටද ඒවා ගෲප් කිරීමටද පුළුවන්.
 
Stash
 

මෙම ඔපෙරා සංස්කරණයේ බුක්මාක් පහසුකම ඉවත් කර තිබෙන බව කලින් සඳහන් කළා.
ඒ වෙනුවට එකතු වී ඇති අලුත්ම මහසුකම මෙයයි. බුක්මාක් වලට එහා යමින් reading list
එකක් දක්වා වැඩි දියුණු වූ පහසුකමක් තමයි මේ. වෙබ් පිටුවකට පිවිසි විට බ්‍රවුසරයේ URL
බාර් එකේ දකුණු කෙළවරේ ඇති හදවතක හැඩය ගත් අයිකනය ක්ලික් කිරීම මගින් එය stash
වෙත එකතු වෙනවා. සුපුරුදු බුක්මාක් මෙන් නොව අදාළ වෙබ් පිටුවේ preview එකද මෙහි 
සේව් වෙනවා.
 
Discover
 
 
ඔබට ලෝකයේ වෙන දේවල් ගැන පහසුවෙන්ම දැනගන්නට ඇති අවස්ථාව මෙයයි. විවිධ කැටගරි
ඔස්සේ විවිධ පුවත් අලුත් බලා ගැනීමට ඩිස්කවර් පහසුකම හරහා අවකාශ ලැබෙනවා.
 
Off - Road Mode
 
 
මෙතෙක් ඔපෙරා ඩෙස්ක්ටොප් බ්‍රවුසර් වල පැවති Opera Turbo වෙනුවට off-road mode එක
ආදේශ වී තිබෙනවා. ඔබගේ අන්තර්ජාල සබඳතාවය මන්දගාමී නම් ඒ සඳහා හොඳම විසඳුම
ඔපෙරා වෙබ් බ්‍රවුසරයේ මෙම පහසුකම සක්‍රීය කර ගැනීමයි. ඔපෙරා මොබයිල් වෙබ් බ්‍රවුසරයේ
භාවිතා වන තාක්ෂණයට සමාන compression තාක්ෂණයක් මෙහිද භාවිතා වෙනවා. ප්‍රමුඛ පෙළේ 
අනෙක් බ්‍රවුසර් වල මෙම තාක්ෂණය දක්නට නැහැ.



0 Comments:

Post a Comment

 
Blog Widget by LinkWithin